Friday 15th of May 2026

English Tamil
Advertiesment


වැස්සෙන් පසු නැගෙන පැතිරෙන විසිරෙන සුවඳේ විද්‍යාව සහ කවිය.


2026-05-15 1235



Written By Deshapriya Nanayakara



පොළොව ඉරි තලා වියළී ගිය දිගු කාලයකට පසු පළමු වැසි බිඳු එකින් එක, එක පෙළට වේගයෙන් පොළවට වැටෙන මොහොතේ අප අවට වාතයට මිශ්‍ර වන ඒ සුපුරුදු සුවඳ අමතක කළ හැකි කෙනෙක් නැත. ග්‍රීක භාෂාවෙන් "ගලෙහි රුධිරය" යන අරුත දෙන _Petrichor යනුවෙන් මෙම ස්වභාවික ක්‍රියාවලියට නම තැබුවේ 1964 දී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් දෙදෙනෙක් වන Isabel Bear සහ R. G. Thomas විසිනි.
සැබැවින්මැ උක්ත සුවඳට හේතුවන රසායනික ද්‍රව්‍ය ද්වයෙකි. 

a. Geosmin

 Geosmin හි අතිශය සංවේදීතාව.

Geosmin යනු මිනිස් නාසයට අසාමාන්‍ය තරම් සංවේදී වන රසායනික සංයෝගයකි. වායුගෝලයේ geosmin සාන්ද්‍රණය ඉතාම සුළු වුවද, එනම් වාතය ට්‍රිලියනයකට geosmin අණු එකක් වැනි අඩු ප්‍රමාණයක් වුවද, මිනිසාට එහි ලාක්ෂණික මැටි සුවඳ වටහාගත හැකිය. මෙම සංවේදීතාව මිනිසාගේ ඝ්‍රාණ පද්ධතියේ නොහොත් ගඳ සුවඳ දැනෙන ආකාරයේ (human olfactory system) පරිණාමීය අනුවර්තනයක් ලෙස සැලකේ.

b.  ශාක තෙල් සහ Terpenes.

වියළි කාලයේදී ශාක මගින් ශ්‍රාවය කරන තෙල් වර්ග පසේ සහ පර්වත මතුපිට රැඳී පවතී. වැසි බිඳු වැටීමෙන් ඒවා විමෝචනය වී වාතයට එකතු වේ. මෙය වැසි සුවඳට සංකීර්ණත්වයක් සහ නැවුම්බවක් එක් කරයි.

2. භෞතික විද්‍යාව පිටුපස ඇති විද්‍යාත්මක යාන්ත්‍රික ක්‍රියාවලිය ..

වැසි බිඳුවක් වියළි, සිදුරු සහිත පසට ඉතා වේගයෙන් පතිත වන විට සිදුවන්නේ ...

a. වායු බුබුළු සිරවීම : වැසි බිඳුව පසට වැටෙන මොහොතේ, පසේ සිදුරු ඇතුළේ තිබූ වාතයට පිටව යාමට ඉඩ නොලැබේ. උක්ත ක්‍රියාව හේතුවෙන් වැසි බිඳුවේ පහළ කොටසේ කුඩා වායු බුබුළු කිහිපයක් සිරවේ.මෙය වතුරට ගලක් දැමූ විට යටින් වාතය සිරවී බුබුළු නැඟෙනවා වැනි ක්‍රියාවකි.

b. බුබුළු පුපුරා යාම සහ aerosol නිෂ්පාදනය : සිරවූ බුබුළු තත්ත්පරයෙන් දහසෙන් පංගුවක කාලයකින් පුපුරා යයි. එම පුපුරා යාමේදී, බුබුළු ඇතුළේ තිබූ වාතයත් සමඟ geosmin සහ ශාක තෙල් අංශු අතිසූක්ෂ්ම aerosol අංශු ලෙස වාතයට විසිවේ.

c. සුවඳ පැතිරීම : මේ aerosol අංශු ඉතා සැහැල්ලු නිසා වාතයේ පාවී අපේ නාසය දක්වා ළඟා වේ. එක් වැසි බිඳුවක් මගින් මෙසේ aerosol අංශු සිය ගණනක් නිපදවන බව ඉහළ වේග කැමරාවලින් තහවුරු වී ඇත. ඒ නිසාමය වැස්ස ආරම්භයේදීම සුවඳ වඩාත් ප්‍රබලව දැනෙන්නේ.

සරලව කිවහොත්, වැස්ස පසට පහර දී "පසේ සුවඳ පුපුරුවා හරිනවා" යැයි කිව හැකිය.

ශාක තෙල් අංශු / Plant Oil Particles.

වියළි කාලයේදී ශාක තමන් ආරක්ෂා කර ගැනීම සඳහා තෙල් වැනි රසායනික ද්‍රව්‍ය පත්‍ර, කඳන් සහ මුල් මගින් ශ්‍රාවය කරයි. මේවා ප්‍රධාන වශයෙන් ටර්පීන (terpenes) නම් සංයෝග පන්තියට අයත් වේ. පසේ සහ ගල් මතුපිට රැඳී පවතින මේ ටර්පීන, වැසි බිඳු වැටෙන විට aerosol අංශු ලෙස වාතයට මුදා හැරේ. ඒවා geosmin තරම් ප්‍රබල නැති වුවද, petrichor සුවඳට නැවුම්, තියුණු සහ සංකීර්ණ ස්වභාවයක් එක් කරයි. පයින් ගසක, යුකැලිප්ටස් ගසක සුවඳට හේතුව ද මේ ටර්පීනමය. »༄«

Terpenes are natural aromatic compounds found in plants—such as lavender, citrus, and cannabis—responsible for their unique scents, flavors, and colors. Beyond aroma, they protect plants from predators and environmental stress. In humans, they are believed to offer therapeutic benefits, including potential anti-inflammatory and relaxing effects.

3. මිනිසා සහ Petrichor අතර අන්නෝන්‍ය බැඳීම

විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙය පරිණාමීය උරුමයක් බවයි. පෞරාණික මිනිසාට වැස්ස යනු ජීවිතයයි. වැසි සුවඳ දැනීමෙන් ජලය ආසන්නයේ ඇති බව වටහාගැනීම, ආදී මිනිස් සංහතියේ පැවැත්මට මහෝපකාරී විය. අද්‍යතනවැද උක්ත සුවඳ අපේ මොළයේ limbic system එකට සම්බන්ධ වී සන්සුන්කම, නැවුම්බව සහ ළමා වියේ මතක අවදි කරයි.

The limbic system is the part of the brain involved in our behavioural and emotional responses, especially when it comes to behaviours we need for survival: feeding, reproduction and caring for our young, and fight or flight responses.

4. සංස්කෘතියේ සහ සාහිත්‍යයේ සිසාරා විසිරී පැතිරෙන Petrichor..

සංස්කෘති ගණනාවකම වැසි සුවඳ ප්‍රබෝධය, පවිත්‍රත්වය සහ නව ආරම්භයක් ලෙස සැලකේ.

සිංහල සාහිත්‍යයේ "මිහි කමලයට පෑයූ පැන්" යනුවෙන් මෙය වර්ණනා වේ.

ඉන්දියාවේ Mitti Attar හෙවත් පස් සුවඳ තෙල් සාදා ඇත්තේ මේ සුවඳ රඳවා ගැනීමටයි.(Mitti means “earth,” and mitti attar loosely translates to the smell of rain-soaked earth.)

ජපන් සංස්කෘතියේ වැසි සුවඳ ame no nioi ලෙස භාවනාවේ කොටසක් වේ.
(Ame no nioi ni natsukashiku naru no wa nande nan deshou ka
Natsu ga chikazuku to mune ga zawameku no wa nande nan deshou ka . Hito ni warawaretara namida ga deru no wa nande nan deshou ka. Sore demo itsuka mukuwareru kara to omoeba iin deshou ka")

5. අවධානයට ලක්විය යුතු කරුණක් ...

සමහර කලාපවල පළමු වැස්සේදී සුවඳ සමඟම දූවිලි, දූෂක සහ ක්ෂුද්‍ර ජීවීන්ද වාතයට මුදා හැරේ. මේ නිසා ඇදුම හෝ අසාත්මිකතා ඇති අයට පළමු වැස්සෙන් පසු ප්‍රවේශම් විය යුතුය.

_

නිගමනය.
Petrichor යනු විද්‍යාව සහ කවිය හමුවන තැනකි. එය පසේ බැක්ටීරියාවක රසායනික ක්‍රියාවලියක් වුවත්, අපේ මතකයේ එය නැවුම්බව, බලාපොරොත්තුව සහ නිවීමේ සලකුණකි. ඊළඟ වතාවේ වැසි ආරම්භයේදී ඇස් පියාගෙන ගැඹුරින් හුස්මක් ගන්න. ඔබ ආඝ්‍රාණය කරන්නේ අවුරුදු බිලියන ගණනක් පැරණි පොළොවේ හුස්මයි.

මිහි හුස්ම

ඉරි තලා නිදාගත් මිහිතලේ
වියළි සිහින පතුරුවා
පළමු වැසි බිඳු වැටෙන මොහොතේ
ගලෙහි රුධිරය ඇහෙරෙනුතැ

Petrichor යයි නම් තැබූ
පුරාණ ග්‍රීකයන්ගේ කවිය
විද්‍යාවේ රසායනය වී
මගේත්, ඔබේත් නාසය සිප ගනී.

බිලියනයකට එකක් වුවත්
දැනෙන geosmin හි සුවඳේ ,අපේ මුතුන් මිත්තන්ගේ කුඹුරේ හේනේ පැලේ
මතකය නැවත පිබිදේ.

ටර්පීන රැගත් ශාක තෙල්
පසේ හිර වී බලා සිටි
බුබුළක් පුපුරන විටම
අහසට පණ ලැබේ.

වැස්ස පහර දෙයි පසට
පස සුවඳ පුපුරුවයි
විද්‍යාව සහ කවිය අතර
මිනිසාගේ ආත්මය පාවෙයි.

මේ මිහි හුස්ම බිලියන ගණනක්
පැරණි පොළොවේ පණයි
හුස්මක් ගන්න, ඇස් පියාගෙන
ළමා කාලය නැවත සිහියට
ගෙන සොබාදහමට රැකවරණය
දෙන්න - ආදරය කරන්න..
මිත්‍රවරුණි මේ පණිවිඩය ඔබේ මිතුරන් වෙතත් යොමුකරන්න. වැස්ස සේ
ආදරයෙනි
ගෞරවයෙනි

 

 

Advertiesment